ගයාන් ගාල්ලගේ I
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් පළවාහැරීමේ අරමුණෙන් නොනවතින අරගල මාලාවක් දියත් කිරීමට අරගලකරුවන් විසින් තීරණය කර තිබේ.
එම අරගලය ඊයේ (9) නිල වශයෙන් ආරම්භ වුණු අතර ඒ සඳහා සියලු පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන දීපව්‍යාප්‍ත මට්ටමින් ක්‍රියාත්මක වීමට තීරණය කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙනුත්, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවත් ඉවත්ව යන තෙක් අරගලය සිදුකිරීමට සියලු කණ්ඩායම් එකඟත්වයට පැමිණ තිබේ.