දේශපාලන වාර්තාකරු I
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීම සඳහා සෙනසුරාදා (16දා) පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා තීරණය කර තිබේ. ඒ අනුව එදින පෙරවරුවේ මැතිසබය රැස්වී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.