ව්‍යාපාරික වාර්තාකරු l
ජූලි මස 31 දින වනවිට මෙරට ගෑස් පෝලිම් අවසන් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා දේශයට පැවසීය. ඒ සඳහා මේ මාසයට අවශ්‍ය වන ගෑස් මෙට්‍රික් ටොන් 33,000ම ඇණවුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.
ලබන ඔක්තෝබර් මාසය දක්වා මෙලෙස අඛණ්ඩව ගෑස් අලෙවිය පවත්වාගෙන යා හැකි අතර අනතුරුව ඉදිරි වසර සඳහා ගෑස් මිලට ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳවන බව සඳහන් කළේය. ගෑස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් තම සමාගම සතුවන බැවින් ඉදිරියේ ගෑස් අර්බුදයක් හටනොගනු ඇති බවද ඔහු පැවසීය.
පසුගිය සති කිහිපය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 7 ½ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. දැනට ගණන් බලා ඇති ආකාරයට කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් අවශ්‍යතාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් සපුරා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.