දේශපාලන වාර්තාකරු l
හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඉදිරි සතියේදී ඊට අදාළ පත්වීමේ ලිපිය සෙනරත් මහතා වෙන නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු සහ ජනාධිපති ලේකම්වරයකු වන ගාමිණී සෙනරත් මහතා වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවූ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.