2022 ජුලි 24 වන ඉරිදා

විපක්ෂයේ - අරගලයේ දෙපිරිසක් නව සන්ධානයක

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 52

ගයාන් ගාල්ලගේ l

විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක කණ්ඩායම් කිහිපයක් සහ අරගලකරුවන් කණ්ඩායම් කිහිපයක් සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව ඊට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

නව ලිබරල්වාදී මතයන් සමඟ මෙම සන්ධානය ගොඩනගන අතර ඉදිරි මැතිවරණ සඳහා ජන මතය වෙනුවෙන් නියෝජනය කිරීම ඔවුන්ගේ අදහස වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් පවතින දේශපාලන ව්‍යාකූලභාවය තවදුරටත් රටේ අවුල් ඇතිවීමේ අවදානම ඇති නිසා මෙම දේශපාලන සන්ධානය ආරම්භ කිරීමට තීරණය කළ බව හෙතෙම කීය.