දේශපාලන වාර්තාකරු l
සර්ව පාක්ෂික ආණ්ඩුවට ශ්‍රීලනිප සහාය ලබා දීමට නම් පාර්ලිමේන්තුවේ කතානායක ධුරය තම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබිය යුතු බවට ශ්‍රීලනිපයෙන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට තිබේ.
මෙයට අමතරව තවත් කැබිනට් තනතුරු කිහිපයක් භාරගැනීම ගැන ද ශ්‍රීලනිපය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වෙයි. එහෙත් රජයෙන් මෙම තනතුරු ලබාදීම ගැන මෙතෙක් ශ්‍රීලනිපයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) වත්මන් කතානායකවරයා ඉවත් කිරීමට කිසිසේත්ම සූදානමක් නැතැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මෙම තනතුරුවලට අමතරව සර්ව පාක්ෂික රජයක් ස්ථාපිත කිරීමේ පොදු වැඩපිළිවෙළක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයෝ මේ සතියේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූහ.