2022 ජුලි 31 වන ඉරිදා

අරගලයෙන් කණ්ඩායම් ගණනාවක් ඉවත් වෙයි

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 67

ගයාන් ගාල්ලගේ l

ගෝල්ෆේස් අරගල භූමිය තුළ කටයුතු කරමින් සිටි ඇතැම් සංවිධාන සහ ස්වාධීන කණ්ඩායම් ඉන් ඉවත්ව යාමට තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම එවැනි සංවිධාන සහ කණ්ඩායම් කිහිපයක් ඉන් ඉවත්ව ගොස් ඇති බව අරගල භූමියේ සාමාජිකයෝ සඳහන් කළහ.

මූලික අරමුණ වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ සටන අවසන් වූ නිසා ඉදිරි කටයුතු තවදුරටත් අරගල භූමියේ නොමැති බව ඔවුන්ගේ මතය වී ඇත. ඉවත් වූ කණ්ඩායම් අගෝස්තු 9 වැනිදා කොළඹ නොපැමිණීමටද තීරණය කර තිබේ.