ගයාන් ගාල්ලගේ l
සර්ව පාක්ෂික ආණ්ඩුව සැකසීම සඳහා පක්ෂ කිහිපයක සාමාජිකයන් රජයට කැමැත්ත පළ කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන කණ්ඩායම, සමගි ජන බලවේගය, මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ දෙකක සාමාජිකයන් දැනටමත් ඊට කැමැත්ත පළ කර ඇතැයි සඳහන් වේ.
ඉදිරියේදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීන්දුවකට එළඹෙන බව එම අමාත්‍යවරයා සඳහන් කළේය.