දේශපාලන වාර්තාකරු l
රට අර්බුදකාරී සමයක් පසුකරමින් සිටින නිසා රාජ්‍ය ඇමැතිවන් පත්කර රජයට තවත් අතිරේක වැය බරක් පටවා ගැනීම ගැන තම කණ්ඩායම එකඟ නොවන බව පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.
මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 14 දෙනෙක් සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ මුණගැසුණ අවස්ථාවේ ඔවුහු මේ බව දැන්වූහ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවුවද තම කණ්ඩායමේ කිසිවකු අමාත්‍ය පදවි භාර නොගන්නා බව පැවසූ එම මන්ත්‍රී කණ්ඩායම මහ මැතිවරණයකින් මැතිසබය පත්වී වසර 2 ½ක් ඇවෑමෙන් එය විසුරැවා හැරිම සඳහා ජනාධිපතිවරයාට ඇති බලය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීත් ඉවත් නොකළ යුතු බවද පෙන්වා දුන්නේය.
ඔවුන්ගේ යෝජනාවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තම ආණ්ඩුව කවර ඇමැතිවරුන් පත්කළද ඔවුන්ට බලතල මිස කිසිදු අමතර වරප්‍රසාද හෝ ඇමැති වැටුප් හිමි නොවන බවය. එසේම මෙම මන්ත්‍රී පිරිසට සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා ආරාධනා කළේය. ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මන්ත්‍රීන් 14 දෙනෙක් මෙම හමුවට එක්වූහ.