2022 අගෝස්තු 14 වන ඉරිදා

ගුවන් ටිකට්පත් මිල ගිනිගණනට ගිහින්

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:02 518


ශ්‍රී ලංකාවේ මේ වනවිට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ගණන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ප්‍රකාශ වී තිබීම, කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිඟවීම, ගුවන් තොටුපොළ ගාස්තු ඉහළ දමා තිබීම වැනි හේතු රාශියක් නිසා මෙලෙස ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ ගොස් තිබේ.

මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා 60% ක පමණ ප්‍රතිශතයකින් පමණ අඩු වී ඇති බව හෙළිදරව් වී තිබේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් කරා රුකියා සඳහා පිටත්ව යන්නන්ට නරක අන්දමේ බලපෑමක් එල්ල කර තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල l