ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයකුට දීමනා සමඟ හිමි මාසික ජාතික අවම වැටුප රුපියල් 16000ක් වන අතර වත්මන් ආර්ථික උද්ධමනය සලකා එය දිනකට රුපියල් 1000ක් වන පරිදි, වැඩ කරන දින 26 සඳහා දීමනා සමඟ රැපියල් 26000ක් දක්වා වැඩි කරන ලෙසට වෘත්තීය සමිති ඉල්ලීමක් කර තිබේ.
එහෙත් හාම්පුතුන්ගේ සංගමය එකඟ වී ඇත්තේ දීමනා සමඟ මසක වැටුප 21000ක් ලෙස වැඩි කිරීමට යැයි නිදහස් වෙළෙඳ කලාපයේ සහ පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා දේශයට ප්‍රකාශ කළේය.
වතුකරයේ සේවකයකුගේ දිනක වැටුප රැපියල් 1000ක් විය යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති හෙයින් වෙළෙඳ කලාපයේ සේවකයකුගේ අවම වැටුපද දිනකට රුපියල් 1000 වන පරිදි වැඩ කරන දින 26 සලකා රුපියල් 26000ක් දක්වා වැඩි කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.
රැපියල් 21000 වැටුප සමඟ අයවැය දීමනාව වන රුපියල් 3500 දීමනාව ලබා දෙන්නේ නම් තමන් ඒ සඳහා එකඟතාව පළකරන බවට වෘත්තීය සමිති හාම්පුතුන්ගේ සංගමයට දැනුම් දී තිබේ. එහෙත් ඒ සඳහා හාම්පුතුන්ගේ සංගමය ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැත.
තම විරෝධතාව නොතකා නව කම්කරු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමේදී හාම්පුතුන්ගේ සංගමය මාසික අවම වැටුප 21000 දක්වා වැඩි කිරීමේ තීරණයට එළඹ ඇති අතර එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වන බව සඳහන් කළ ඇන්ටන් මාකස් මහතා පසුගිය ජූනි මාසයේ වැඩිම ඇඟලුම් අපනයනයක් පැවැති බවද, ඩොලරයේ අගය වැඩිවීම මත ඒවා රැපියල් බවට පරිවර්තනය වීමේදී වැඩි මුදලක් ලැබෙන හෙයින් සේවකයකුගේ මාසික වැටුප 26,000 දක්වා වැඩි කිරීමට අපහසුවක් නොමැති බවද සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා l