2022 අගෝස්තු 14 වන ඉරිදා

නිර්පාක්ෂිකයන්ගෙන් ජාතික අරගල මධ්‍යස්ථානයක්

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 65


ගෝල්ෆේස් අරගල භූමියේ නිර්පාක්ෂික කණ්ඩායම විසින් "අරගලය ජාතික මධ්‍යස්ථානය" නමින් නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ගෝල්ෆේස් අරගලයේ දෙවැනි පියවර ලෙස මෙය ආරම්භ කර ඇති අතර මේ ස්ථානය හරහා ඊළඟ වැඩ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සාමාජිකයෙක් පැවසීය.  

එම ස්ථානයට ඕනෑම කෙනකුට යාමට ඒමට හැකියාව පවතින බවත් අරගලය, දේශපාලනය, කලාව, සාහිත්‍යය ආදී විෂයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබෙන බවත් කියයි.

(ගයාන් ගාල්ලගේ)