දිවයිනේ පළාත් 5කට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර මෙම සති අන්තයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. බස්නාහිර, වයඹ, සබරගමුව, නැගෙනහිර සහ උතුර යන පළාත්වලට නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට රජය තීරණය කර ඇති අතර ඌව, දකුණ, උතුරුමැද, මධ්‍යම පළාත්වල ආණ්ඩුකාර ධුර හිටපු ආණ්ඩුකාරවරුන්ටම පැවරෙනු ඇතැයි වාර්තා වෙයි.
ඒ අතර එජාපය නම්කරන ආණ්ඩුකාරවරුන් තෝරාගැනීම සඳහා ජෝන් අමරතුංග, නවීන් දිසානායක, දයා ගමගේ යන අයගේ නම් සලකා බැලෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
දේශපාලන වාර්තාකරු l