2022 අගෝස්තු 21 වන ඉරිදා

බිත්තර කුකුළු මස් මිල පාලනයක් !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 42

I යසවර්ධන රුද්රිගු

තවදුරටත් බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ ගියහොත් ඒ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි සැලකිල්ල යොමුව ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

පසුගිය 17දා කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී ඔවුන් මිල පහළ දැමීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බව හෙතෙම පැවසීය. තව සතියක් පමණ ඒ පිළිබඳ අවධානයෙන් පසුවන අතර මිල වෙනසක් සිදු නොකළහොත් උපරිම සිල්ලර මිලක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඔහු කීය.

මේ වනවිට වෙළෙඳපොළේ සුදු බිත්තරයක මිල රුපියල් 63 දක්වාද, රතු බිත්තරයක් රුපියල් 68 දක්වාද ඉහළ නැග තිබේ. කුකුළු මස් කිලෝව මිල රුපියල් 1500 ආසන්නයට පැමිණ තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.