2022 අගෝස්තු 28 වන ඉරිදා

අලුත් පක්ෂ 79කින් ඉල්ලුම්පත්

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:03 118

I සංජීවිකා සමරතුංග

ලියාපදිංචි දේශපාලන පක්ෂ 79ක් පවතිද්දී අලුතෙන් තවත් දේශපාලන පක්ෂ 79ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසමට අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

මෙම අයැදුම්පත් 79 මූලික පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරැව එයින් විධිමත් ලෙස අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොතිබූ අයැදුම්පත් 35ක් ප්‍රතික්ෂේප කර ඇත. ඉතිරි අයදුම්පත් 44 නැවත පරීක්ෂා කොට එම දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අවසන් තීරණය කඩිනමින් ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.