ගයාන් ගාල්ලගේ l
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හතරක කාලයක් සිරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය සිකුරාදා (26) දහවල් ජනාධිපති සමාව යටතේ නිදහස් විය.
එදින උදෑසන අවශ්‍ය ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් කිරීමෙන් පසුව දහවල් 2.45ට පමණ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය.
එහි සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ රන්ජන් නිදහස් වී පැමිණෙන විට දකුණෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් වම් පසෙකින් මනූෂ නානයක්කාර මහතා දැක ගැනීමට හැකිවිය. සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් පිරිනැමීමට එකඟත්වය පළකර ඇති අතරම ඊට එරෙහිව අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා විසින් කම්කරු අමාත්‍යංශයේ විදේශ ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ තානාපති ලෙස රන්ජන් පත්කර තිබිණි. රන්ජන් ඊට කැමැත්ත පළකර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් සඳහන් කර තිබිණි.
ඔහු නිදහස් වන අවස්ථාවේ විශාල ජනතාවක් පැමිණ සිටි අතර අවසානයේ ඔහු විපක්ෂ නායකවරයාගේ මෝටර් රථයේ නැගී පිටව ගියේය.