I දේශපාලන වාර්තාකරු
ඉදිරි පළාත් පාලන ඡන්දය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කිරීමට කැමැත්ත පළ කරමින් නව අපේක්ෂකයන් 2000කගෙන් පමණ අයැදුම්පත් ලැබී ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.
දැනටත් සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීන් 2000ක් පමණ සිටිති. අලුතෙන් අයැදුම්පත් ලැබී ඇත්තේ ඒ අයට අමතරවය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරැ නැගෙනහිර ඇතුළු සියලු පළාත්වල ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා සිය පක්ෂය තරග කරන බවද මහලේකම්වරයා පැවසීය.