I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධාන ගතවීම සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨයන් එක්ව සාකච්ඡා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් කොළ එළියක් ලැබී ඇතැයි සඳහන් වන අතර තවමත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සිය කැමැත්ත පළ කර නොමැති බවද සඳහන් වේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇත්තේ කිසිදු ආකාරයකින් පක්ෂ නොකඩා, පක්ෂය සමඟ සන්ධාන ගතවීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසය. ඉදිරියේ පැවැත්වීමට නියමිත එජාප සංවත්සරය සඳහා සජබයේ පිරිස්ද කැඳවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.