2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

පෝර්ට් සිටියේ බිම් කොටස් 68කට හුළං

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:04 383

I සංජීවිකා සමරතුංග

මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ පෝර්ට් සිටියේ විදේශ ආයෝජකයන් සඳහා වෙන්කළ බිම් කොටස් 74න් මෙතෙක් ආයෝජකයන් විසින් හිමිකරගෙන ඇත්තේ බිම් කොටස් 6 ක් පමණක් බව දේශයට වාර්තා වෙයි. ඉතිරි බිම් කොටස් 68 සඳහා මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත්ව නැත.

මේ වනවිට බිම් කොටස් 6 ක් සඳහා ව්‍යාපාරික ආයෝජන ඉදිරිපත් කර ඇති ආයෝජකයන්ටද තමන්ගේ ආයෝජන කටයුතු ආරම්භ කරගත නොහැකි වී ඇත්තේ පෝර්ට් සිටියේ ආයෝජනවලට අදාළ වන නීතිමය රෙගුලාසි මෙතෙක් රජය අනුමත කර නොමැති නිසා බව දැනගන්නට ඇත.

කොළඹ වරාය ආසන්නයේ හෙක්ටයාර් 269ක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති පෝර්ට් සිටිය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආයෝජනයකි.