2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ආණ්ඩුවේ බහුතරය අද හෙටම ඉවරයි - සබජ මහලේකම්

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:01 136

I දේශපාලන වාර්තාකරු

ඉතා ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවනු ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය. දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ළඟදීම විපක්ෂයට පැමිණීමට නියමිත බව පැවසූ මහලේකම්වරයා ඒ සමඟ ආණ්ඩුවේ මැතිසබා 

බහුතරය අහිමිවීම ස්ථිර බවද සඳහන් කළේය. 

මේ වනවිට කතානායකවරයා ද සමඟ ආණ්ඩු පක්ෂයේ සිටින්නේ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 119 දෙනෙකි. විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු 106 ක් සිටිති. තමන් දන්නා ආකාරයට දැනට ආණ්ඩු පක්ෂය තුළ ස්වාධීනව සිටින තවත් මන්ත්‍රීන් 10 දෙනෙක් පමණ ඉතාම ඉක්මනින් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ. ඒ සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 110 දෙනෙක් බවට පත්වීමත් සමඟ ආණ්ඩුවට බහුතරය අහිමිවන බව මහලේකම්වරයා කීය.

මෙම කණ්ඩායම් සමඟ තම පක්ෂය ඉදිරියේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා සුදුසු දේශපාලන තීන්දුවක් ගන්නා බව හෙතෙම පැවසීය. ඒ සමඟ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වනු ඇතැයි මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.