2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

මූල්‍ය අරමුදලේ පළමු වැරිකය දෙසැම්බරයේ

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 58

I සංජීවිකා සමරතුංග

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය කාර්ය මණ්ඩල එකඟතාවකට එළඹීම නිසා මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ප්‍රථම මූල්‍ය ආධාරය ලබන දෙසැම්බරයේ ලැබෙනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඩොලර් මිලියන 300ක (බිලියන 3ක) මූල්‍ය ආධාරයක් මෙරට විසින් අයැදුම් කර ඇත. එහෙත් මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 290ක (බිලියන 2.9) මුදලකි. එය වසර හතරක වැඩ සැලසුමකට යටත්ව විස්තීරණ ණය පහසුකමක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය. 

දෙසැම්බරයේදී ලැබෙතැයි අපේක්ෂා කරන ප්‍රථම ණය වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වෙතැයි සඳහන්ය.