I ගයාන් ගාල්ලගේ
අයවැයේ යෝජනාවකට අනුව ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම ආයතනවල දේශපාලන හෙංචයියන් තබාගෙන එය සිදුකළහොත් රට තවත් බංකොලොත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
විශේෂයෙන් බැංකු පෞද්ගලිකකරණය සඳහා සිදුවන යෝජනා අදාළ දේශපාලන පත්වීම් ලබා ඇති ප්‍රධානීන් එම ආයතනවල තබාගෙන ක්‍රියාත්මක කළහොත් ඒවා තවත් හානියට ලක්වන බව හෙතෙම සඳහන් කළේය.
මෙවර අයවැය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වූ අයවැයක් බව චම්පික රණවක මහතා වැඩිදුරටත් කීය.