2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

20න් පසුව 22 විවාදයට

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 66

I දේශපාලන වාර්තාකරු

ශ්‍රේෂ්ඨාධිකරණය 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබා දී තිබෙන තීන්දුව අනුව එම සංශෝධනය ගැන මැතිසබයේ පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම සැප්තැම්බර් මස 20දායින් පසුව සිදුකෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ මෙම මස 20දා දක්වා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විදේශ ගතවීම බව දැනගන්නට ඇත. අධිකරණ අමාත්‍යවරයා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා සහභාගි වන නිසා ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරීම කල් දැමූ බව වැඩිදුරටත් වාර්තා වෙයි.