I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකාවේ දැනට හටගෙන තිබෙන උග්‍ර පාන් පිටි හිඟය නිසා ඉන්දියාවෙන් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබාගැනීමට දෙරට අතර තානාපති මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. මෙයට පෙර අනුමත කරන ලද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පිටි තොගය මිලදී ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.
දැනට ඉන්දියාව විදේශ රටවලට පිටි අලෙවිය තාවකාලිකව තහනම් කර තිබේ. මෙම තහනම ඉන්දියාවෙන් පිටි මිලදී ගත් ආසියාතික රටවල් වන ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානයට තදින්ම බලපා ඇත.
එම නිසා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවසරයක් යටතේ මෙම පිටි මෙට්‍රික් ටොන් ලක්ෂය ලබාගැනීම සඳහා කරන ලද සාකච්ඡා සාර්ථක වී ඇතැයි වාර්තා වෙයි.
එහෙත් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක් ලබාගැනීමට කරන ලද සාකච්ඡා අතරමග ඇණහිට ඇත. ඊට හේතු වූයේ චීන ආවේක්ෂණ නෞකාවකට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව අවසර දීමය. මෙම සිද්ධියට ඉන්දියාව සිය දැඩි අප්‍රසාදය පළ කර තිබිණි.