2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

අපේ තෙල් ටෙන්ඩරයට තෙල් රටවල් නෑ.

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:03 173

I ගයාන් ගාල්ලගේ

තෙල් නිෂ්පාදනය කරන රටවලින් මෙරටට තෙල් ආනයනය කිරීමට ඉඩ ලබාදීමේ අරමුණින් විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කළත් කිසිදු තෙල් නිෂ්පාදනය කරන රටක් ඒ සඳහා ඉල්ලුම් කර නොමැති බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

විවෘත ටෙන්ඩරය සඳහා ආයතනයට 20ත් 25ත් අතර සංඛ්‍යාවක් ඉල්ලුම් කර තිබූ බවත්, ඒවා අතරින් සුදුසුම ඉල්ලුම්පත් 10ක් තෝරාගත්තත් ඒ තුළ කිසිදු තෙල් නිෂ්පාදිත රටක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඒ සියල්ල තුළ සිට ඇත්තේ තැරැව්කාර සමාගම් බවද ඔහු කීය.

කෙසේ වෙතත් තවදුරටත් තෙල් ආනයනය කිරීම සඳහා තැරුව්කාර සමාගම් වෙත ඉඩ ලබා දෙනවාද නැද්ද යන්න අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ පසුව තීරණය කරන බව හෙතෙම සඳහන් කළේය.