2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

සිමෙන්ති ආනයනයට කොන්ත්‍රාත්කරුවන්ගේ විරෝධය

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:02 201

I ගයාන් ගාල්ලගේ

රට තුළ සිමෙන්ති අතිරික්තයක් තිබියදී සිමෙන්ති සමාගම් 5කට මෙරටට සිමෙන්ති ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.

දැනට දේශීය සමාගම් 3ක් විසින් සිමෙන්ති නිෂ්පාදනය කරන බවත් මෙලෙස ආනයනය කිරීම හරහා එම කර්මාන්ත වැසී යාමේ තත්ත්වයක් උද්ගත වන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට දේශීය සිමෙන්ති කොට්ටයක් 3200ක් වන අතර ආනයනික සිමෙන්ති කොට්ටයක මිල 2700 ක් වන බවත් පැවසූ ඒ මහතා, වහාම බලධාරීන් මැදිහත් වී දේශීය සිමෙන්ති කොට්ටයක මිල 2700 දක්වා පහත හෙළීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.