2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

රජයේ ණය පොලිය කෝටි 26 දාහකින් නගී !

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 53

I ව්‍යාපාරික වාර්තාකරු

බැංකු පොලී අනුපාත ඉහළ යාමෙන් සහ රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීමෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ රජයේ ණය පොලී වියදම රුපියල් කෝටි 26,300කින් (රුපියල් බිලියන 263කින්) ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශයේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 30% ඉක්මවා යාම සහ ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 203/- සිට 360/- දක්වා ඉහළ නැගීම ණය පොලී වියදම මේ තරම් විශාල ගණනකින් ඉහළ යාමට බලපෑ හේතු බව සඳහන්ය.