I දේශපාලන වාර්තාකරු
රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා පත්කෙරෙන ජාතික සභාවට මහජන නියෝජිතයන් 37 දෙනකු තෝරාගැනීමේදී මන්ත්‍රීවරුන් තුන්දෙනකුගේ නාමයෝජනා සම්බන්ධව අර් බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පත්වූ අමාත්‍ය නසීර් අහමඩ්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මොහොමඩ් මුෂාරෆ් යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් පොහොට්ටුවෙන් පත්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග මහතා සම්බන්ධවත් පක්ෂ කිහිපයකින් විරෝධය දැක්වීමත් සමඟ මෙම ගැටලු සහගත තත්ත්වය හටගැනිණ. සිය පක්ෂවලින් පත්ව පසුව රජයට එක්වූ මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සම්බන්ධව ලක්ෂ්මන් කිරිඇල්ල සහ රන්ජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතා ද විරෝධය පළ කර තිබිණි.
ඒ සමඟ පොහොට්ටුවෙන් පත්වූ දැනට ස්වාධීන වී සිටින ගෙවිඳු කුමාරණතුංග මන්ත්‍රීවරයා සම්බන්ධව පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් හා ප්‍රසන්න රණතුංග යන මහත්වරු විරෝධය දැක්වූහ. පොහොට්ටුව නියෝජනය කරන ගෙවිඳු මන්ත්‍රීවරයා පක්ෂ නායකයකු ලෙස පිළිගනිමින් ජාතික සභාවට පත් නොකළ යුතු බව සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
කෙසේ හෝ මේ ගැන තීරණයකින් තොරව පක්ෂ නායක හමුව නිමාවිය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.