I ව්‍යාපාරික වාර්තාකරු
වාහන ලීසිං කිරීමේදී අය කරන අධික පොලිය හේතුවෙන් ලීසිං ව්‍යාපාරය බරපතළ අභියෝගයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.දේශය මේ ගැන සිදු කළ විමර්ශනයකදී හෙළිදරව් වූයේ වාහනයක් ලීසිං ක්‍රමයට ගැනීමේදී අය කරන පොලිය 34% සිට 38% අතර පවත්නා බවය.
මේ නිසා දැන් වාහන මිලට ගැනීමේදී ලීසිං පහසුකම් ලබාගැනීමට ප්‍රධාන පෙළේ ලීසිං සමාගම්වලට පාරිභෝගිකයන් පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකින් බව ලීසිං සමාගම් කිහිපයක ප්‍රකාශකයෝ සඳහන් කළහ.
එසේම වාහන ලීසිං වාරික නිසි ලෙස ගෙවාගත නොහැකි වී සිටින පාරිභෝගිකයන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත් කර ගැනීමද නවතා දමා තිබේ. ඒ වෙනුවට ණය ගෙවීමට තිබෙන කාලය නැවත දීර්ඝ කර පාරිභෝගිකයන්ට සහන සලසන බවද ඔවුහු ප්‍රකාශ කළහ.