2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

රටේ බාගෙකට සහල් - තිරිඟු පිටි නෑ

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:04 116

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකාවට 2022 වසරේ ආනයනය කළ යුතු සහල් තිරිඟු පිටි ඇතුළු ධාන්‍ය අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දස ලක්ෂ 22ක් පමණ වන නමුත් පවත්නා ආර්ථික තත්ත්වය අනුව ආනයනය කර ඇත්තේ ධාන්‍ය මෙට්‍රික් ටොන් 9,30,000 (නව ලක්ෂ තිස් දහසකි.) ඒ අනුව වාර්ෂික ධාන්‍ය අවශ්‍යතාවයෙන් හරි අඩක පමණ හිඟයක් පවතී.

එම නිසා ඉදිරි කාලයේදීත් තිරිඟු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ධාන්‍ය නිෂ්පාදනයන්හි හිඟයක් හටගනු ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මේ නිසා තිරිඟු පිටි ආදිය හිඟවීමෙන් බේකරි සහ ආපනශාලා 10,000ක් පමණ දැනට වැසී ගොස් ඇතැයි වාර්තා විය. කෙටි කෑම ඇතුළු බේකරි නිෂ්පාදන ආදියේ මිල ගණන් පසුගිය මාස 6ක කාලය තුළ 100෴ කටත් වඩා මිල වැඩි වී තිබේ. පවත්නා තත්ත්වය යටතේ තිරිඟු පිටි ආහාර බහුලව භාවිතා කරණ වතුකර ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.