I සංජීවිකා සමරතුංග
ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සාකච්ඡාව ලබන සතියේ දෙරට ඉහළ පෙළේ නිලධාරී මට්ටමින් ආරම්භ කිරීමට නියමිත බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලයේ එරට විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් කෝටි 500ක පමණ ණය සපයා ඇත. එම ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස උපදෙස් දුන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර නොසපයන බවට පසුගියදා රොයිටර් වාර්තාවක් පළ විය. එම රොයිටර් වාර්තාව සම්බන්ධයෙන් කරැණු විමසූ විට නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ඒ සම්බන්ධව මහ කොමසාරිස් කාර්යාලයට නිල දැනුම්දීමක් කර නොමැති බවය. එසේම ඉන්දීය රජය මේ සම්බන්ධව නිල නිවේදනයක් නිකුත් කර නැතැයි ද හෙතෙම පැවසීය.