I දේශපාලන වාර්තාකරු
වසර 2017 පැවති දැඩි නියං සමයෙන් පසු මෙරට සහල් නිෂ්පාදනය අඩුම වසර වනු ඇත්තේ 2022 බව ලෝක ආහාර සංවිධානය පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙයි. එම නිසා මේ වසරේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3ක් තරම් අවම මට්ටමට පත්ව ඇතැයි ද වාර්තාව සඳහන් කරයි.
පසුගිය කාලයේ රජය රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සහල් නිෂ්පාදනය අඩාලවීමට බලපෑ ප්‍රධානම හේතුව බවද එම වාර්තාව මගින් අවධාරණය කර ඇත.
පවත්නා තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ලක්ෂ 63ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බවද ලෝක ආහාර සංවිධාන වාර්තාව වැඩිදුරටත් කියයි.