I ගයාන් ගාල්ලගේ
පොලිස් නිලධාරීන්ටද විදෙස් ගතවීමට ලැබෙන අවුරුදු 5 ක නිවාඩුවත්, එසේම ලබන වසරේ පොලීසියේ විශාල සංඛ්‍යාවක් විශ්‍රාම යාමට නියමිතව ඇති නිසාත් ඉදිරියේදී පොලිස් භටයන්ගේ විශාල අඩුවක් ඇතිවීමේ තත්ත්වයක් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
පුරප්පාඩු විශාල වශයෙන් ඇතිවීමට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතය නිසා වසර දෙකක් තුළ පොලීසියට බඳවා ගැනීම් සිදු කිරීමට නොහැකිවීම නිසා බවද වාර්තා වෙයි.
දැනට පොලිස් සේවයේ 85,000 ක පමණ සංඛ්‍යාවක් රාජකාරි කරන බවත් 2023 වසරේදී 5000 කට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇති බවත් එසේම තවත් පිරිසක් අවුරුදු 5ක නිවාඩු ගෙන විදෙස් ගතවීමට සූදානම් වන නිසාත් පොලිස් ස්ථානවල රාජකාරි කිරීම සඳහා නිලධාරීන් අඩුවීමක් සිදුවිය හැකි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසූ කල ඒ මහතා සඳහන් කර සිටියේ පොලිස් නිලධාරීන්ගේ අඩුවක් සිදු නොවීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. එසේම විශාල සංඛ්‍යාවක් විශ්‍රාම නොයන බවද හෙතෙම සඳහන් කළේය.