යසවර්ධන රුද්රිගූ l
ලබන ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 2.5%සමාජ ආරක්ෂණ බද්ද නිසා ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති ආහාර මිල උද්ධමනය 84%සිට 100%දක්වා ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
මෙම නව බද්ද නිසා සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල යළිත් වරක් වැඩිවනු ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසුවේ මෙම බද්ද ක්‍රියාත්මක වන්නේ බදු මත බදු පැනවෙන (ද්විත්ව බදුකරණ) ක්‍රමයක් යටතේ බවයි. ඒ අනුව දැනට භාණ්ඩ මත පනවා ඇති 15%වැට් බද්ද එලෙසම අය කරන අතර එම මුළු එකතුව මත මෙම 2.5%සමාජ ආරක්ෂණ බද්ද ද අය කෙරේ. මෙය ද්විත්ව බදු ක්‍රමයක් නිසා මෙයින් භාණ්ඩ මිලට 2.5%කට වඩා වැඩි බලපෑමක් සිදුවන බව වාර්තා වෙයි.
එසේම මෙය පෙර පැවැති ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනත් නමකින් ඉදිරිපත් කිරීමක් බවද පෙනෙන්නට තිබේ.
ව්‍යාපාරිකයන් මෙයට පෙර සිදු කළා මෙන් මෙම වක්‍ර බද්ද ද මුළුමනින්ම පාරිභෝගිකයා පිට පැටවෙන නිසා අධික ජීවන බරෙන් පීඩා විඳින ජනතාව තවත් හිරිහැරයට ලක්වනවා ඇත.