2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

ගෙවල් නඩත්තුව උද්ධමනයට ජැක් ගහයි

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 63

ව්‍යාපාරික වාර්තාකරු l

ගතවූ අගෝස්තු මාසයේ මෙරට වැඩිම උද්ධමන වර්ධනයක් (මිල වැඩිවීමේ වර්ධනයක්) පෙන්වූයේ ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු වියදම් සම්බන්ධයෙන් බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පසුගිය ජූලි මාසයේ මෙම අංශයේ උද්ධමනය 76% ක්වූ අතර අගෝස්තුවේදී 11% ක වර්ධනයක් පෙන්වමින් එය 87% ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජූලි සහ අගෝස්තු මාසවල උද්ධමන සංඛ්‍යා දත්ත සසඳන විට ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් වියදම් අංශයේ උද්ධමනය 22% සිට 32% දක්වා ඒකක 10කින් වර්ධනය වී තිබේ. රෙදිපිළි සහ පාවහන් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමෙන් එම අංශයෙහි උද්ධමනය 41% සිට 48% දක්වා ඒකක 7කින් වර්ධනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අතර රටේ සමස්ත උද්ධමනය ජූලි මාසයේදී 66% ක්වූ නමුත් අගෝස්තුවේදී ඒකක 4ක වර්ධනයක් පෙන්වමින් 70% ක් ලෙස සටහන් විය. ආහාර අංශයේ උද්ධමනය ජූලි මාසයේ 82% ක් විය. එය අගෝස්තුවේදී 84% ක් දක්වා ඉහළ ගොස් තිබේ.