දේශපාලන වාර්තාකරු l
පවත්නා ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා රටේ සමෘද්ධි සහනාධාර ලබන පුරවැසියන් ගණන කෝටියකට ආසන්න වී ඇතැයි වාර්තා වෙයි. පසුගිය වසර මුල්භාගය වනවිට එම සංඛ්‍යාව ලක්ෂ 68ක් හෙවත් පවුල් ලක්ෂ 17ක් (එක් පවුලකට හතරදෙනා බැගින්) විය.
එහෙත් මේ වසරේ එම පවුල් ලක්ෂ 17ට අමතරව තවත් පවුල් 7,26,000ක් (හත්ලක්ෂ විසිහය දහසක්) සමෘද්ධි ආධාර පොරොත්තු ලේඛනයට එක්ව සිටින බව මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එක් පවුලකට හතරදෙනා බැගින් වන සේ ගණන් බලන විට නව සමෘද්ධිලාභීන් ලක්ෂ 29ක් පමණ සහනාධාර ඉල්ලන මට්ටමට පත්ව සිටිති.
රටේ සමස්ත ජනගහණය ලක්ෂ 222ක් පමණ වෙද්දී එයින් ලක්ෂ 100කට ආසන්න ගණනක් සමෘද්ධිලාභීන් බවට පත්වීම වාර්තාගත සිදුවීමක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.