දේශපාලන වාර්තාකරු l
රුසියාවේ නිෂ්පාදිත බොර තෙල් මිලදී ගැනීමේදී ලෝක වෙළෙඳපොළේ රුසියානු බොර තෙල් සඳහා නියම කර ඇති අඩු මිල වෙනුවට ලොව මිල අධික 'බ්‍රෙන්ට්' වර්ගයේ බොර තෙල් මිලටම රුසියානු බොර තෙල් මිලට ගැනීම බරපතළ දූෂණයක් බව හිටපු බලශක්ති අමාත්‍යවරයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
සාමාන්‍යයෙන් බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක වත්මන් මිල ඩොලර් 88 කට මිල නියම වෙද්දී රුසියාවේ නිෂ්පාදිත බොර තෙල් බැරලයක මිල ඊට වඩා ඩොලර් 20ත් - 30ත් ගණනකින් අඩු මට්ටමක පවතී. එසේ තිබියදී 'බ්‍රෙන්ට්' නම් මිල අධික බොර තෙල්වලට සමාන වැඩි මුදලක් රුසියානු බොර තෙල් සඳහා ගෙවීම වංචනික ක්‍රියාවකි. මෙහි මුල්‍ය ප්‍රතිලාභ ලබන්නේ තෙල් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ කිහිප දෙනෙකි.
මෙලෙස අධික මිලට බොර තෙල් මිලට ගැනීමෙන් පාරිභෝගිකයාට ඉන්ධන ලීටරයකට රු. 46/-ත් 69/-ත් අතර වැඩි මිලක් ගෙවීමට සිදුවෙයි.
එම නිසා රජය වහාම මෙම දූෂණයට සම්බන්ධ පාර්ශ්ව හඳුනාගෙන නීතිමය පියවර ගත යුතුය. ඒ ගැන කඩිනමින් විගණකාධිපති ලවා පරීක්ෂණයක් ද කළ යුතු අතර මෙම විමර්ශනය පොලිස් දෙපාර්තමේන්තුවට කළ නොහැකි තාක්ෂණික විමර්ශනයක් බවද ඔහු සඳහන් කරයි. තමන් මේ ගැන ජනාධිපතිවරයාට ලිඛිතවම කරුණු දැක්වූ බවද රණවක මහතා දේශයට කීය.