සංජීවිකා සමරතුංගl
පාර්ලිමේන්තු රැස්වීම්වලදී ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් සඳහා කතා කිරීමට වෙන්කර තිබෙන කාලය 60% සිට 55% දක්වා 5%කින් අඩුකර එම කාලය විපක්ෂයට ලබාදීමට පක්ෂනායක රැස්වීමේදී තීන්දු කරනු ලැබීය.
.එසේ විපක්ෂයට ලබාදෙන 5%ක කාලය ආණ්ඩුවෙන් වෙන් වී ළඟදී විපක්ෂයට පැමිණ අසුන්ගත් ස්වාධීන මන්ත්‍රීන්ට ලබාදීමටද තීන්දු කෙරිණි. මෙම තීරණය අනුව විපක්ෂ මන්ත්‍රීන්ට කතා කිරීම සඳහා මෙතෙක් වෙන්කර තිබූ කාලය 45%ක් දක්වා වැඩි කෙරැණි. ඒ සමඟ දිනපතා පාර්ලිමේන්තුවේ රැස්වන කාලය විනාඩි 30කින් වැඩි කිරීමටද තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.