2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

පුංචි ඡන්දෙට තාමත් තීන්දුවක් නෑ

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 35

ගයාන් ගාල්ලගේ l

ප්‍රායෝගික හේතු කාරණා කිහිපයක් නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තවම නිශ්චිත තීරණයකට පැමිණීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.

2022 මැතිවරණ ඡන්ද නාමලේඛනයේ වැඩ කටයුතු ඔක්තෝබර් 31 අවසන් වීමට තිබීමත්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන්ගේ ඡන්ද නාමලේඛනය නොවැම්බර් 15දා අවසන් වීමට තිබීමත් යන මූලික කාරණා ඡන්ද දිනය තීන්දු කිරීම ප්‍රමාද වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු බව හෙතෙම සඳහන් කළේය. එසේම දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අ.පො.ස. විභාගය ද මේ සඳහා හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් කීය.

මෙකී ප්‍රායෝගික කාරණා විසඳන තෙක් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තීරණයක් ගත නොහැකි බව රත්නායක මහතා කීය.