ව්‍යාපාරික වාර්තාකරු l
අලුත් බදු ගණනාවකට මේ සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි. මෙම බදුවලට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
නව බදු යෝජනා අනුව මසකට රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි වැටුප් ලබන්නන්ගෙන් උපයන විට ගෙවීමේ බද්ද අය කෙරේ. එම බද්ද අය කෙරෙන්නේ රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ හතළිස් එක්දහස දක්වා 6% ක බදු ප්‍රතිශතයක් හා එතැන් සිට 12% ක බදු ප්‍රතිශතයකට යටත්වය.
මෙයට පෙර උපයන විට ගෙවීමේ බද්ද අය කළේ මසකට රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැටුප් ලැබූ තැනැත්තන්ගෙනි.
දැනට 14% ක බදු අනුපාතයකට යටත් තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය හා අපනයන ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපාරවලින් අය කරන ආදායම් බද්ද 30% ක් දක්වා ඉහළ දමා තිබේ.
මෙතෙක් සහාධිපත්‍ය (නිවාස වෙළෙඳාම්) ක්ෂේත්‍රයෙන් අය නොකළ වැට් බද්ද එම ක්ෂේත්‍රයට ද පනවා ඇත. බදු අනුපාතය 15% කි.
මෙයට අමතරව මෙතෙක් ව්‍යාපාරවලින් වැට් බදු අය කිරීමේදී බදු නිදහස හිමිව තිබූ ව්‍යාපාර රුසකට අදාළව වැට් බදු නිදහස සීමා කර ඇත.