ව්‍යාපාරික වාර්තාකරු l
මේ වසරේ අප්‍රේල් මාසයේ මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය 7% කින් ඉහළ නැංවීමෙන් පසුව පසුගිය සැප්තැම්බර් මාසය වනවිට මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු පොලිය රුපියල් කෝටි 54,000 කින් (රුපියල් බිලියන 540කින්) ඉහළ ගොස් ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වසරේ ජනවාරි, පෙබරවාරි මාසවල 10%ත් 12%ත් අතර පැවති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර පොලිය පසුගිය අගෝස්තු, සැප්තැම්බර් වනවිට 30% ඉක්මවා ගියේය. මෙයින් ඇතැම් බැඳුම්කර වසර 3 ක් හෝ වසර 9 ක් තරම් දිගු කාලයක් වලංගු ඒවාය.
පසුගිය අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා මහ බැංකුව විකුණා ඇති බැඳුම්කරවල වටිනාකම රුපියල් කෝටි 67,200 කි. (රුපියල් බිලියන 672 කි.) එම කාලය තුළ මහ බැංකුව විසින් විකුණා ඇති භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි එක්ලක්ෂ අනූහතර දහස් හයසීයකි. (රුපියල් බිලියන 1946 කි). ඒවා සඳහා ඉහළ පොලියක් ගෙවීමට සිදුවීම නිසා දැවැන්ත පොලී මුදලක් ඊට කැප කරන්නට මහ බැංකුවට සිදුව තිබේ.