ආරක්ෂක වාර්තාකරු l
රන් පොලු පෙන්නලා පිත්තල විකුණලා
ආරක්ෂක ප්‍රධානියකුට ආචාර්ය උපාධියකුත් අරන් දීලා
ප්‍රකට හිමිනමකුත් ජාවාරමට ගෑවිලා
කුප්‍රකට මුල්‍ය වංචාවකට චෝදනා ලබා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සහ ඇය ළඟ මුදල් තැන්පත් කළ තැනැත්තන්ට ද එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව ඇය විසින් වංචා කරන ලද මුදල රුපියල් කෝටි 300ත් 500ත් අතර වන බව වාර්තා වෙයි.
දේශපාලනඥයන්, නළු නිළියන්, ප්‍රබල ව්‍යාපාරිකයන්, ආගමික නායක හිමිවරුන් සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් දෙතුන් දෙනකු ද තිළිණිගේ ගනුදෙනුකරුවන් අතර වන බව වාර්තා වෙයි. එයින් එක් ආරක්ෂක ප්‍රධානියකුට ආචාර්ය උපාධියක් ලබාගැනීමට පවා තිළිණි ප්‍රියමාලි සහයෝගය ලබා දී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේය. ඇය විසින් සිදු කළැයි කියන රත්රන් පොලු අලෙවි ජාවාරමට ප්‍රකට හිමිනමකගේ සහාය ලැබී ඇති බවද වාර්තා වෙයි.
පොලීසිය දැනට තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමඟ ගනුදෙනු කළ සහ ඇයට අනුබල දුන් උදවිය හඳුනාගනිමින් සිටී. ඉදිරි දිනවලදී තවත් සැකකටයුතු තැනැත්තන් රුසකගෙන් ප්‍රශ්න කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.