2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

කැබිනට් ආණ්ඩුකාර පත්වීම් මග හිටී

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:01 218

I දේශපාලන වාර්තාකරු

නව කැබිනට් අමාත්‍යවරුන් පත්කර කැබිනට් මණ්ඩලය පුළුල් කිරීමත්, නව ආණ්ඩුකාරවරුන් ගණනාවක් පත් කිරීමත් දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මේ ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන හවුල්කරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබුණේ කඩිනමින් මෙම පත්වීම් සිදු කළ යුතු බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කිසිදු තීරණයක් නොගනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.