2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

තෙල්- ගෑස් ඉල්ලුම බාගෙට බැහැලා- චම්පික රණවක

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 66

I දේශපාලන වාර්තාකරු

අද මෙරට ඉන්ධන සහ ගෑස් ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇතැයි හිටපු බලශක්ති අමාත්‍යවරයෙක් වන චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව ඩීසල් ඉල්ලුම 52% කින්ද පෙට්‍රල් ඉල්ලුම 26% කින්ද අඩු වී ඇත. ඉල්ලුම අඩුවීම නිසා වාර්ෂික ඉන්ධන ආනයන වියදම ද 40% කින් පහත වැටී ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි. ඊට සාපේක්ෂව විදුලිය ඉල්ලුම ද 20% කින් අඩු වී තිබේ.

මෙලෙස බලශක්ති ඉල්ලුම අඩුවීම නිසා රටේ ආර්ථිකය හැකිලී තව තවත් අගාධයටම යනු ඇතැයි පවසන හිටපු අමාත්‍යවරයා රටේ ආර්ථික වර්ධනය -10% කට ආසන්න බවද කීය.

මෙම අති දුෂ්කර ආර්ථික තත්ත්වය නිසා මේ වනවිට රටේ මධ්‍යම පරිමාණ ව්‍යාපාර 90,000න් 27,000ක්ම වැසී ගොස් ඒවායේ සේවය කළ සේවක සේවිකාවන් මහ පාරට වැටී ඇතැයි ද රණවක මහතා සඳහන් කළේය.