2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ජනතාව පිටේ තව තවත් බර පටවන්න එපා? - හිටපු ජනපති මහින්ද

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 129

දේශපාලන වාර්තාකරු I

දැඩි ආර්ථික පීඩනයකින් සිටින ජනතාව පිට තව තවත් බදු හෝ ගාස්තුවල බර පැටවීම ගැන තමන්ට කිසිසේත්ම එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය. පීඩාවට පත්ව සිටින ජනතාව මත කොතරම් නව බදු පැනවුවද ඒවා අයකර ගැනීම පහසු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එවැනි යෝජනාවකට දේශපාලන වශයෙන් සහාය දිය නොහැකි යැයිද සඳහන් කළේය.

 

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගන්වමින් ආදායම් උත්පාදනය වර්ධනය නොකර තව තවත් බදු හෝ ගාස්තුවල බර ජනතාව පිට පැටවීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් කීය.