2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ජී.එල්. ඩලස්ගෙන් අලුත් පක්ෂයක්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 68

දේශපාලන වාර්තාකරු I

මේ වනවිට විපක්ෂයේ ස්වාධීනව ක්‍රියා කරන මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන් නායකත්වය දෙන මන්ත්‍රී කණ්ඩායම ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් ලෙස කලඑළි බසිනු ඇතැයි එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

 

ඒ සඳහා ආරම්භක පියවර තබමින් එම කණ්ඩායමේ මන්ත්‍රීවරයකු වන ආචාර්ය නාලක ගොඩහේවා දැනටමත් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමට අයැදුම්පතක් ඉදිරිපත් කර ඇත. ඔහු මෙයට කලකට පෙර පිහිටුවන ලද 'සියනෑ කථිකාව' නම් සංවිධානය මෙලෙස දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචියට අවශ්‍ය මූලික සාකච්ඡා පසුගියදා මැතිවරණ කොමිසම සමඟ පවත්වා තිබේ. පක්ෂය ලියාපදිංචියෙන් පසු එහි නම වෙනස් කර ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ද වාර්තා වෙයි.

දැනට මන්ත්‍රීන් 13 දෙනකුගෙන් සමන්විත ජී.එල්. - ඩලස් කණ්ඩායමට තවත් ස්වාධීන මන්ත්‍රීන් හා පොහොට්ටු මන්ත්‍රීන් 9 දෙනකු පමණ නව පක්ෂය ලියාපදිංචියත් සමඟ එක්වනු ඇතැයි සඳහන්ය. මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම හා නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරුන් එහි ප්‍රධාන තනතුරු සඳහා පත්වනු ඇතැයි ද වාර්තා වෙයි.