ගයාන් ගාල්ලගේ I
භික්ෂූන් වහන්සේ විසින් සිදු කරන විනය විරෝධී කටයුතුවලට එරෙහිව පියවර ගැනීම සඳහා 'කතිකාවත්' පනත දැනටමත් කෙටුම්පත් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දේශයට පැවසීය.
දැනට ඇතැම් භික්ෂුන් වහන්සේලා හට අධිකරණ සංඝනායක පදවි හිමිව තිබුණත් එම තනතුර සඳහා පිළිගත හැකි බලයක් නොමැති නිසා මෙම පනත හරහා විධිමත් ක්‍රමවේදයක් සකසන බවත් හෙතෙම සඳහන් කළේය.
දැනට පනත් කෙටුම්පත සකසා ඇති අතර එය නීතිපතිවරයාට ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.