I ගයාන් ගාල්ලගේ
මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විදෙස් සංචාරවලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීමත් සමඟ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා බලධාරින් අතර සිදු කළ සාකච්ඡාවකට අනුව මෙම තීන්දුව ගෙන ඇත.
එසේම ඊට අමතර තවත් කරුණු 12ක් සම්බන්ධයෙන් සොයා බැලීමටද එම බලධාරීන් අතර සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණ තිබේ.
ක්‍රීඩකයන් රාත්‍රී කාලයේ නිසි අවසරයකින් තොරව කණ්ඩායමෙන් බැහැරව එළියට යාම, එම සංචාරයේදී විනය විරෝධී වැඩ කිහිපයක් සම්බන්ධයෙන් වාර්තා වීම, ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් පුහුණුකරු, කළමනාකරු සහ කණ්ඩායම් නායකවරයා නිසි ලෙස වගකීම් ඉටු කළේද, එක් සාදයක් සඳහා නිල වශයෙන් ආරාධනා ලැබී තිබියදී 16ක් සඳහා ක්‍රීඩකයන් සහභාගි වූයේ කෙසේද යන්න ආදී කරුණු 12ක් සම්බන්ධයෙන් මෙහීදී සොයා බැලීමට තීරණය කර තිබේ.