2022 නොවැම්බර් 18 වන සිකුරාදා

ආණ්ඩු- විපක්ෂ සම්මුතියකට සජිත්ගෙන් කමිටුවක්

 2022 නොවැම්බර් 18 වන සිකුරාදා, පෙ.ව. 06:01 91

Iදේශපාලන වාර්තාකරු

ඉදිරි කාලයේදී ආණ්ඩුව සහ විපක්ෂය එකඟතාවක් ඇතිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාකොට නිර්දේශ සැපයීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසු පැවති සුහද හමුවේදී මුණගැසීමෙන් පසු විපක්ෂනායකවරයා මෙම තීරණය ගෙන තිබේ.

ඔහු විසින් පත්කරන ලද කමිටුවට ස.ජ.බ. මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළත් වෙති.
මෙම කමිටුව සමග ආණ්ඩුව වෙනුවෙන් සාකච්ඡා කිරීමටද තවත් කමිටුවක් පත් කෙරෙනු ඇති බවද දේශයට වාර්තා වෙයි.