I චමිඳු නිසල් ද සිල්වා
චීනය, ඉන්දුනීසියාව, ඕමානය වැනි රටවලින් මෝරා, කට්ටාවා ආදී කරවල වර්ග රැසක් ආනයන කිරීම හේතුවෙන් සමස්ත කරවල කර්මාන්තම කඩා වැඩීමේ අවදානමක් නිර්මාණ වී ඇතැයි සාන්ත පේදුරැ කරවල නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා මහතා දේශයට පැවැසීය.
මේ වනවිටත් බොහෝ කරවල නිෂ්පාදකයන් සිය කර්මාන්ත අතහැර දමා ඇති අතර කර්මාන්තයේ සියයට තිහකට වඩා වැඩි කඩාවැටීමක් දක්නට ලැබෙන බව ලසන්ත ප්‍රනාන්දු මහතා කීය. මේ වනවිටත් කොටුව කොළඹ තොග වෙළඳ මධ්‍යස්ථානය කරවල කඩ හැටකින් පහළොවක් පමණ ආනයනික කරවල අලෙවියේ නිරතවන බව ඔහු වැඩිදුරටත් කීය.
මෙරට මාළු මිල තීරණය වීමේ ප්‍රධාන සාධකය කරවල මිලයි. බහුදින යාත්‍රා ධීවරයන් රැගෙන එන මත්ස්‍ය අස්වැන්නේ බහුතරය යොදාගන්නේ කරවල සඳහාය. මේ හේතුවෙන් කරවල මිල පහළ බැසීමෙන් මාළු මිල ගණන්ද පහළ වැටේ. එමනිසා කරවල ව්‍යාපාරිකයන් මෙන්ම ධීවරයන්ද විශාල වශයෙන් ණය වී ඇතැයි ලසන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. එනිසා ආනයනික කරවල සඳහා අධික බදු පැනවීම හෝ කරවල ආනයනය තහනම් කිරීම කඩිනමින් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මීට අමතරව ආනයනික කරවල බහුතරයක් විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කොට වේලා ඇතැයි දේශීය කරවල නිෂ්පාදකයෝ පෙන්වා දෙති. එසේම රට සතු ඩොලර් මෙම අනවශ්‍ය ආනයන හේතුවෙන් නාස්ති වන බවද ඔවුහු කියා සිටිති.